අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 14)

1984 ආසියානු කුසලාන අවසන් තරගය ගැන ඊයෙ කිව්ව මතකයිනෙ. 1995 අවුරුද්දෙ ආසියානු කුසලානයේ අවසන් තරගය පැවැත්වුණෙත් අද වගේ දවසක සාජා හිදී. මුල්ම ආසියානු කුසලානයේ ක්‍රීඩා කළ කණ්ඩායම් තුනට අමතරව බංග්ලාදේශයත් මේ තරගාවලියට ක්‍රීඩා කළා. නමුත් ඔවුන්ට කිසිම තරගයක් ජය ගැනීමට හැකි වුණේ නම් නැහැ. ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් තුනම තරග 2 බැගින් ජයගෙන තිබුණත් දළ ලකුණු වේගය මත අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 7 කට ලකුණු 230ක් ලබාගත්තා. ඊට අසංක ගුරුසිංහ ලබාගත් ලකුණු 85 ත් ඇතුළත්. නමුත් ඉන්දියාව මෙම ඉලක්කය 42 වන පන්දුවාරය තුළදී සපුරා ගන්නට සමත් වුණා. මෙහිදී නව්ජෝට් සිදු සහ මොහොමඩ් අසාරුඩීන් පිළිවෙලින් නොදැවී ලකුණු 84ක් හා 90ක් ලබාගත්තා. මෙය ඉන්දියාව එක දිගට දිනාගත් හතරවන ආසියානු කුසලානයයි.

90 දශකයේ මුල් භාගයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නා වූ ක්‍රේග් මැක්ඩොමර්ට්, දකුණු අප්‍රිකාවේ පැට් සිම්කොක්ස්, ලූට්ස් බොස්මාන්, J.P. ඩුමිනි සහ පාකිස්ථානයේ උමාර් ගුල් අප්‍රේල් 14 වෙනිදා උපත ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න